..:: ලොව තුල සිදුවූ පලමු සිදුවීම් සහ මුල්ම නිපැයුම් ::..

No comments:
යාළුවනේ ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආව ඔයාලට දැනුමට යමකුත් අරගෙනම,ලොව තුල සිදුවූ පලමු සිදුවීම් සහ මුල්ම නිපැයුම් දන්නවද ඔබ ?

ලොව මුලින්ම නිපද වුන පා පැදිය


ලොව පලමු සිනමා රංගය


ලොව සිදුවූ පලමු රිය අනතුර


ලොව පලමුවෙන්ම නිපද වූ ශීතකරණය


ලොව මුල්ම ලෝක රූ රැජින


ලොව මුල්ම නිල පාපන්දුව


ලොව මුල්ම පරිගනකය


ලොව මුල්ම ජංගම දුරකථනය


ලොව මුල්ම ෆොටෝ එක


ලොව මුල්ම රේඩියෝව


ලොව පලමු දුරකථනය


ලොව මුල්ම වීඩියෝ ගේම් එක


ලොව මුල්ම වුර්තීමය බොඩි බිල්ඩර්


ලොව මුල්ම එක්ස්-රේ කිරන මැශින් එක



Read More »

..:: අන්තර්ජාල වියමන නිර්මාණය කරඇති අයුරු ළිපි-2 ::..

No comments:
ළිපියේ ඉතිරි කොටස මෙසේ දිග හැරෙනු ඇත.



මම ඉහත ළිපියේ  සඳහන් කළ පරිදි සාගරය හරහා ගමන් කරන අන්තර්ජාලය සහ දුරකථන ජාලය තවත් රටක් සමඟ සම්බන්ද වනුයේ කේබල් මගිනි.මෙතනදී කේබල් විශේෂ ක්‍රමයකට සකසා තිබේ.මුල් කාලයේදි නම් කේබල් තඹ හා තවත් ලෝහ මිශ්‍රකර තනන ලදී.නමුත් වර්ථමානය වන විට ප්‍රකාශ තන්තු උපයෝගී කරන් සාදා ඇත.
පහලින් තිබෙන්නේ එම කේබලයක හරස්කඩකි.

ඉහත චායාරූපයේ පරිදි

1 . තාරවල ගිල්වූ නයිලෝන් ආවරණයක් හෝ පොලි එතිලීන් ආවරණය.
2 . තාරවල ගිල්වූ නයිලෝන් ආවරණය.
3 . ශක්තිමත් බව රඳාපවතින ලෙස සකසූ ගැල්වනයිස් කල වානේ කම්බි.
4 . ජලය කාන්දු නොවෙන සේ තැනූ ඇලුමිනියම් ආවරණය.
5 . පොලිකාබනේට් ආවරණය.
6 . තඹ හෝ ඇලුමිනියම් ආවරණය.
7 . පෙට්ට්‍රෝලියම් ජෙලි මාධ්‍යයක්.
8 . ප්‍රකාශ තන්තු සමූහය.

සමුදුර කේබල් සිතියම 2010 පහල රූපයෙන් දිස්වේ.


අද ලෝකයේ, මුහුදේ එලා තිබෙන කේබල් සියල්ලම ප්‍රකාශ තන්තු කේබල් නොවේ.තඹ සහ වෙනත් ලෝහ වලින් සෑදූ කේබලුත් බොහොමයක් පවතිනු ඇත.ප්‍රකාශ තන්තු භාවිතා කරීමට මුලින්නම අදහස් කර ඇත්තේ 1980 දශකයේය. මුලින්ම -8 නම් ප්‍රකාශ තන්තු ටෙලිෆෝන කේබලය එලා ඇත්තේ 1988 දීය.

කේබල් එලන පිරිසක්
Read More »

..:: අන්තර්ජාල වියමන නිර්මාණය කරඇති අයුරු ළිපි-1 ::..

2 comments:

සයිබර් වියමන එදා මෙදාතුර ගොඩ නැංවූයේ ටික ටිකෙන් ටිකය.රට රටවල් එකමුතුවෙන් මෙය මුලු ලොව පුරාම විකාශනය කිරීමට උරදී කටයුතු කර ඇත.එය ලෙහෙසි පහසු ක්‍රියාවක්නම් නොවේ.2010 වසර වන විට තාක්ශණය අතින් සුපිරි තලයකට පියමන් කිරීමට ලෝක වාසීන්ටම හැකියාව උදාවී තිබේ.
තාක්ශණය කෙතරම් දියුණු වූවත් රටක් ලෝකය සමඟ සන්නිවේදනය කිරීමට යොදාගනු ලබන දුරකථන සහ අන්තර්ජාල මාධ‍යයන් ද්විත්වයම සිදු කරන්නේ රැහැන් යොදාගෙන හනන ලද ජාලයක් මගිනි.නමුත් අද ලෝකයේ සන්නිවේදන මාද්‍යය රැහැන් රහිත ක්‍රම වලට හුරුවෙමින් පවතිනු ලබයි.

නමුත් අදටත් ලෝකයේ රට රටවල් දුරකථන සහ අන්තර්ජාලය භාවිතා කරනු ලබන්නේ සාගරය තුල පිහිටුවා තිබෙන විශේෂ රැහැන් ජාලයක්  මගිනි.මෙය යල්පැනගිය ක්‍රමයක් ලෙස ඔබට සිතෙන එක අසාදාරන නැත.මන්ද අද විශ්වය බොහොම දියුනුයි.
මෙම රැහැන් එලා සිදුකරන ජාලයතුල වාසි මෙන්ම අවාසිද එමටය.සාගර ප්ත්ලේ එලා තිබුනද අනාරක්ශිත බවින් වැඩිය.මෙයට නිදසුන්නම් බොහෝය.මේ ඉන් කිහිපයකි.

2008 වසරේ ජනවාරි 30ත් එම වසරේම පෙබරවාරි 03 යන දින 05 ඇතුලත ගල්ෆ් කළාපයේ සිදුවුනු රැහැන් බිඳ වැටීම්.මෙය සිදුවී තිබෙන්නේ නැව් වල නැංගූරම් වල පැටලීමෙනි.මෙම හේතුවෙන් ධනවත් රටවල් කිහිපයකටම අති විශාල ආර්තික පාඩුවක් සිඩුවී අත.එපමනක් නොව අන්තර්ජාල භාවිතා කරන්නන් දැඩි අපහසුතාවකට පත්ව ඇත.එහි සංඛ‍යාත්මක තොරතුරු මෙසේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ග්‍රාහකයින් දාහත් ලක්ශයක් දෙනාට ද , ඉන්දියාවේ ග්‍රාහකයින් කෝටි හයක පිරිසකට ද , පාකිස්ථානයේ ග්‍රාහකයින් එක්කෝටි විසි ලක්ශයකට ද , ඊජීප්තුවේ ග්‍රාහකයින් හැට ලක්ශයකට ද , සයුදි අරාබියාවේ ගරාහකයින් හතලිස් හත් ලක්ශයකට ද , 
ග්‍රාහකයින් වශයෙන් අර්බුදයට මුහුන පෑමට සිදුවී ඇත.

සමාගම් ආශ්‍රිත බිඳ වැටීම් මේසේය.
ඉන්දීය සමාගම් 1250ක වැඩකටයිතු අඩපන වී ඇත.යුරෝපය සමඟ ගනුදෙනු කරන හත් ලක්ශයක් පමන පිරිසට ඔහේ බලා සිටීමට සිදු විය.පෙබරවාරි 01 දින ඉන්දීය කොටස් වෙළඳපොළ තාවකාලිකව වසා දැමුනි.

කෙසේ නමුත් දින 10 ති 12 හක කාළය තුල සිදුවූ ආර්ථික පාඩුව දල වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 100 කට කිට්ටු ගනනක් වී ඇතිබව සඳහන්ය.
මතුසම්බන්දයි
මෙම ලිපියට විජය පරිගනක සඟරාවෙන් කරුණු උකහාගෙන ඇත.

ලිපියේ ඉතිරි කොටස් ඉක්මනින්ම ඉදිරිපත් කරමි.
Read More »

..:: ප්‍රතිජීවක(antibiotics) ඖෂධ භාවිතයේදී ඔබ දැගත යුතුම දේ ::..

No comments:
ඔබ නැරඹිය යුතුම ළිපියක් යැයි මට සිතුන නිසා දොස්තර ඩොට් කොම් අඩවියෙන් මෙය උපුටා ගන්නා ලදී.



බෝවන රෝග වැළඳීමේ ප්‍රවණතාවය වැඩිවීම විශාල මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වූ අවධියක ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීම නිසා වෛද්‍ය විද්‍යාවේ මහත් පෙරළියක් ඇතිකර මිලියන ගණනක් මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකිවිය. ක්ෂය රෝගය වැනි භයානක බැක්ටීරියාවන් නිසා වැළඳෙන රෝග සම්පූර්ණයෙන් සුව කිරීමේ හැකියාවක් ප්‍රතිජීවක ඖෂධ නිසා ලැබිණි. මිනිසාගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ යාමත් ආයු කාලය වැඩිවීමත් ඒ මඟින් සිදුවිණ.

එහෙත් අවාසනාවකට බොහෝ දෙනා අනවශ්‍ය ලෙස, හිතුමතේ ප්‍රතිජීවක ඖෂධ භාවිතයට පෙළඹීම නිසා රෝග කාරක බැක්ටීරියාවන් ඖෂධ වලට විරුද්ධව නැඟීසිටීමේ ප්‍රතිරෝධයක් ගොඩනගා ගෙන එම රෝගකාරක ප්‍රතිජීවක ඖෂධ වලින් මර්දනය කළ නොහැකි තත්ත්වයට පත්වී ඇත.


මෙසේ දැනට භාවිතා කරන ප්‍රතිජීවක ඖෂධ බොහෝමයක් සඳහා දැනටමත් බැක්ටීරියාවන් ප්‍රතිරෝධයක් ඇති කරගෙන සිටී. මෙය දිගින් දිගටම සිදුවුණහොත් නුදුරු අනාගතයේදී විෂබීජ මර්දනය සඳහා දැනට සොයාගෙන ඇති ප්‍රතිජීවක ඖෂධ වලින් ඵලක් නොවනු ඇත. අතීතයේ ප්‍රතිජීවක ඖෂධ සොයාගැනීමට පෙර තිබූ අදුරු යුගයට අප ආයෙත් ඇද වැටෙනු ඇත.


මොනවාද මේ ප්‍රතිජීවක ඖෂධ?

බැක්ටීරියා රෝග කාරක විනාශ කර දමා රෝගය සුවපත් කිරීමට ප්‍රතිජීවක ඖෂධවලට හැකියාවක් ඇත. වෛරස විනාශ කිරීමක් සිදු නොවේ. ඒ නිසා නිතර සහ බොහෝවිට වෛරස මඟින් වැළඳෙන උණ, කැස්ස, උගුරේ අමාරු කණේ ආසාදන සඳහා ප්‍රතිජීවක ඖෂධවලින් ඵලක් නොවේ. බොහෝ අය කිවිසුමක් ගිය පමණින් උගුර, කණ කැසූ පමණින්, ඇඟපත රුදාවක්, මඳ උණක් දැනුණ පමණින් හිතුමතේ ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමට පෙළඹී ඇත. නොඑසේ නම් ඇන්ටිබයොටික් ලබාදෙන මෙන් වෛද්‍යවරයාට දැඩි බලපෑම් එල්ල කරන අවස්ථා ඇත.

ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගෙන දැනුවත් වීමේ වැරදි ක්‍රියාකලාපවලින් ඉවත්වීමට අප සියලුදෙනා කටයුතු කළ යුතුයි.


මන්දයත් ඉහත ක්‍රියාවල ප්‍රතිඵලය අපට දරාගත නොහැකි භයානක ඉරණමක පෙර නිමිති පහළ වීමක් බැවිණි.


ප්‍රතිජීවක ඖෂධ නිකරුනේ භාවිතයෙන් හා වැරදියට භාවිතයෙන් සිදුවිය හැකි විපාක මොනවාද?


- මුදල් නාස්තිවේ.


- රෝගය සුව නොවේ.

- ශරීරයට හිතකර බැක්ටීරියා විනාශ වී රෝගකාරක තවත් ප්‍රාණවත්ව හිස ඔසවා රෝගය උත්සන්න කරයි.

- මාත්‍රාව හා වාරගණන හිතුමතේ අඩුවෙන් පාවිච්චි කිරීමෙන් දවසේ වැඩි කාලයක් ඖෂධයෙන් ආවරණය නොවන නිසා රෝගකාරක බැක්ටීරියාව යළි පණගසා නැගිටියි. ගුණයක් ලැබු විගසම ඖෂධ අතහැර දැමීමෙන් සම්පූර්ණයෙන්ම ශරීරයෙන් දුරු නොවී ඉතිරි වූ රෝග කාරක බැක්ටීරියා නැවත හිස ඔසවයි. පෙරටත් වඩා භයානක ලෙස ඖෂධවලටත් ප්‍රතිරෝධයක් ඇති කර ගෙන හිස ඔසවයි.

- ඉතිරි වී ඇති පරණ ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් (පෙර රෝගී තත්ත්වයකට වෛද්‍යවරයා නියම කළ ඖෂධ) ආසාදන තත්ත්වයන් හා අනිසි ඵල ලැබියි හැක.

- ඔබේ ප්‍රතිජීවක ඖෂධ වෛද්‍ය උපදෙස් නොමැතිව අන් අයට ලබාදීමෙන් ඔහුට අසාත්මිකතා, අනිසි අතුරුඵල ඇතිවීමට ඉඩ ඇත. එය නිර්දේශ කළ හැක්කේ වෛද්‍යවරයෙකුට පමණි.

(කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණි, කායික රෝග විශේෂඥ වෛද්‍ය චමරී වීරරත්න මහත්මියගේ ඖෂධ භාවිතයට අත්වැලක් කෘතිය හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත ඇසුරින් සකස් කරන ලදී)


වෛද්‍ය ටී. ටී. සොන්නාදර


සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය,
Read More »

..:: තායි එයාවේස් A380 යනයක මගී පන්ති වල සැප පහසුකම් ::..

No comments:
සෑම ගුවන් යානයකම ගමන් කරන මගීන් ඔවුන්ගේ ගමනාන්තය සුව පහසුවට ගමන් කිරීමට උත්සුක වෙති.ඕනම යානයක විවිද පන්ති තිබේ.අද ඔයාලට පෙන්වන්නේ තායි එයාවේස් A380 යානයක් තුල ඇති මගීන් පන්ති තුනක තියෙන සැප පහසුකම්.

Thai Airways A380 Royal First Class













Thai Airways A380 Royal Silk business class










Thai Airways A380 economy class



Read More »

.:: පිරිමින්ගේ ශිශ්නයේ පෙරසම ආශිත ගැටළුවට විසඳුම් ::..

No comments:

සිප්සල යාළුවන්ට හැමදාමත් වගේ අදත් ගොඩක් වැදගත් යමක් අරන් ආවා.මේ ළිපිය නම් විශේශයෙන් පිරිමි පාර්ශවයට තමයි වැදගත් වෙන්නේ.නමුත් කුඩා පිරිමි දරුවන් සිටින අම්මල මේ සඳහා අවදානය යොමු කරනවානම් ගොඩක් හොඳයි කියල හිතනවා.



මෙම විස්තර දොස්තර ඩොට් කොම් අඩවියෙන් උපුටා ගතිමි.හුදෙක්ම දැනුමට යමක් එක් කර ගැනීමට පමනක් මෙය ඉදිරිපත් කරමි.

මෙම ළිපිය PDF ලෙස සකසා ඇත.එය Download කර නරඹන්න.මෙය Open කිරීමේදී Password එක අසයි එය පහතින් සඳහන්ව ඇත.

Password:- sipsala


Read More »

කතෘ පිළිබඳ

විටෙක සාඩම්බර බ්ලොග් කතෘවරයෙක් ලෙස ද , තවත් විටෙක වෙබ් අඩවි නිර්මාණ කරුවෙකු සහ ග්‍රැෆික් නිර්මාණ කරුවෙකු වශයෙන් ද , ඉමක් කොනක් නැති සයිබර් අවකාශයතුල හරවත් දෑ ගවේශනය කරන , සරල ගති පැවතුම් අති සාමාන්‍ය ජීවිතයක් ගතකරන අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකි.

Proudly Powered by Blogger.